1990 දී ශුද්ධ වූ හජ් වන්දනාව අවසන් කිරීමෙන් පසු කල්මුනේ හරහා කාත්තන්කුඩි වෙත ගමන් කරමින් සිටි මුස්ලිම්වරුන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කුරුක්කල් මඩමේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (12) දිනයේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට කෙරුණා.
අදාළ පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදාන කරඇති බවට සැලකෙන ස්ථානයේ අද දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, නීතිඥයින්, මන්මුනේ දකුණු එරුවිල් පත්රු ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති, අතුරුදහන් වූවන්ගේ කාර්යාල නිලධාරීන්, නීති විශේෂඥයින්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පොලිසිය විසින් විනිසුරු ජේ.පී.ඒ. රංජිත්කුමාර් මහතා ඉදිරියේ නිරීක්ෂණය කළා.
අදාළ අවස්ථාවේදී වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් ද අදාළ ස්ථානයට පැමිණ සිටියා.
කළුවාංච්කුඩි මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ස්ථානයේ වළ දමා තිබූ මිනිස් දේහයන් ගොඩ ගැනීමට නියෝගයක් ද නිකුත් කර තිබෙන අතර පොලිසිය වෙතට ආරක්ෂක කලාපයක් ස්ථාපිත කරන ලෙස නියෝගයක් නිකුත්කර තිබෙනවා.




