පසුගිය 22 වැනිදා බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ වැටලීමක් අතරතුර රාගම, ලින්ටන් ක්‍රීඩාංගනය අසළදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අරමංගොඩ, බුත්පිටිය ප්‍රෆ්දේශයේ පදිංචි අයෙක්.
සැකකරු සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





