බොරැල්ලේ වෙඩි තැබීමට 17 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය 22 වැනිදා බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෙඩි තැබීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ වැටලීමක් අතරතුර රාගම, ලින්ටන් ක්‍රීඩාංගනය අසළදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අරමංගොඩ, බුත්පිටිය ප්‍රෆ්දේශයේ පදිංචි අයෙක්.

සැකකරු සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02