වතු කම්කරුවන්ගේ රුපියක් 1700යේ වැටුපට වතු හාම්පුතුන්ගේ එකඟතාවය

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රුපියල් 1700 එකඟතාවය සඳහා සියලු සාකච්ඡා සාර්ථක වූ බවත් මීළඟට පවත්වනු ලබන සාකච්ඡාවේදී වැටුප් ගෙවන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවත් වැවිලි කර්මාන්ත යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් පවසනවා.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබද වතු හාම්පුතුන්,වැවිලි කර්මාන්ත යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (09) පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිලිබඳ පවසා සිටියා.

වර්තමාන රජය ප්‍රතිපත්තියක් ලෙස මෙම වැටුප් වැඩිවීම පිළිබඳ මූලික පොරොන්දුවක් ලබා දී තිබූ බවත් එම පොරොන්දුව යථාර්තයක් කරමින් ඉතා ඉක්මනින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් වන බවද ඔහු මෙහිදී පැහැදිලි කළා.

”අපි ඉල්ලීමක් කරා ජනාධිපති පොරොන්දු වුනු ආකාරයට 1700 වැටුප ලබා දෙන්න කියලා,හාම්පුතුන් බැ කිව්වේ නැ, නමුත් ලෝක වෙළදපොළේ තේ මිල පහළ වැටිලා තියෙන නිසා මාසයක කාලයක් හාම්පුතුන් ලබා දෙන්න තීරණය කළා.

දෙවෙනි සාකච්චාව මාසයකින් ආරම්භ වෙනවා, එදාට අපි මේ 1700 වැටුප් වැඩි කිරීම කවද්ද කරන්නේ කියලා තීරණය ගන්නවා, හාම්පුතුන් පිළිගත්තා වැටුප් වැඩි විය යුතුයි කියලා.” අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් පලා කරමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?