වතු කම්කරුවන්ගේ රුපියක් 1700යේ වැටුපට වතු හාම්පුතුන්ගේ එකඟතාවය

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රුපියල් 1700 එකඟතාවය සඳහා සියලු සාකච්ඡා සාර්ථක වූ බවත් මීළඟට පවත්වනු ලබන සාකච්ඡාවේදී වැටුප් ගෙවන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවත් වැවිලි කර්මාන්ත යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් පවසනවා.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබද වතු හාම්පුතුන්,වැවිලි කර්මාන්ත යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (09) පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිලිබඳ පවසා සිටියා.

වර්තමාන රජය ප්‍රතිපත්තියක් ලෙස මෙම වැටුප් වැඩිවීම පිළිබඳ මූලික පොරොන්දුවක් ලබා දී තිබූ බවත් එම පොරොන්දුව යථාර්තයක් කරමින් ඉතා ඉක්මනින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් වන බවද ඔහු මෙහිදී පැහැදිලි කළා.

”අපි ඉල්ලීමක් කරා ජනාධිපති පොරොන්දු වුනු ආකාරයට 1700 වැටුප ලබා දෙන්න කියලා,හාම්පුතුන් බැ කිව්වේ නැ, නමුත් ලෝක වෙළදපොළේ තේ මිල පහළ වැටිලා තියෙන නිසා මාසයක කාලයක් හාම්පුතුන් ලබා දෙන්න තීරණය කළා.

දෙවෙනි සාකච්චාව මාසයකින් ආරම්භ වෙනවා, එදාට අපි මේ 1700 වැටුප් වැඩි කිරීම කවද්ද කරන්නේ කියලා තීරණය ගන්නවා, හාම්පුතුන් පිළිගත්තා වැටුප් වැඩි විය යුතුයි කියලා.” අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් පලා කරමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53