නාගරික ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

නාගරික ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට හා ඔවුන්ට ජීවත්වීමට සුදුසු පිරිසිදු, සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් උද්‍යාන, ඇවිදින මංතීරු ඇතුළු වැඩබිම්වල නිරීක්ෂණ චාරිකාවක අද (08) උදෑසන නිරත වුණා.

අධික ලෙස ජනාකීර්ණ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික ජනතාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම මෙම නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණවනවා

දියත උයන, දියසරු තෙත්බිම් උද්‍යානය, පාගොඩ තෙත්බිම් උද්‍යානයේ ඇවිදින මංතීරුව, බෙල්ලන්විල උද්‍යානයේ ඇවිදින මංතීරුව, පාර්ලිමේන්තුව අවට කිඹුලාවල ඇළමාර්ග සහ ඇවිදින මංතීරු එම නිරීක්ෂණ චාරිකාව සඳහා ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?