ඔලිම්පික් දිනන මෙහෙයුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විවිධ ක්‍රීඩා ඉසව් ඔස්සේ සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සහ ඉදිරියේදී ඔලිම්පික් තරගාවලිය සඳහා බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදීම සඳහා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන ‘ඔලිම්පික් මෙහෙයුම’ හෙවත් ‘Mission Olympics 2028-Journey to the Rings’ යනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමට සහ ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමට හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් දීර්ඝකාලීනව දේශීය හා විදේශීය විශේෂඥ පුහුණුවකට යොමු කිරීම ද ඔලිම්පික් මෙහෙයුම යටතේ සිදුවනවා.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය තෙක් ගිවිසුම්ගත වී, අවශ්‍ය අනුග්‍රහයන් සලසා දීම වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?