ජොන්ස්ටන්ගේ නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් 12ට කල් යයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 12 වැනිදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මපා බණ්ඩාර මහතා නියෝග කළා.

අද (08) දිනයේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටි අතර, හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක ඉදිරිපත් කළ අතර, එකී කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුගේ රෝග තත්ත්වය සනාථ කිරිම සඳහා වෛද්‍ය වාර්තාවල මුල් පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව සාක්ෂි විභාගය දෙසැම්බර් 12 වැනිදා දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණි සාක්ෂිකරුවන්ට එදිනට නැවත පැමිණෙන ලෙස ද නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57