ජෙරුසලමේ වෙඩි තැබීමක්, 05ක් මරුට – අගමැති නෙතන්යායු සිද්ධිය සිදු වූ ස්ථානයට

ඊශ්‍රායලයේ ජෙරුසලමේ සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගිලන් රථ සේවාව පවසන්නේ මියගිය අය අතර, වයස අවුරුදු 30ක පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, වයස අවුරුදු 50 ක කාන්තාවක් සහ වයස අවුරුදු 50 ක පිරිමි පුද්ගලයෙක් සිටින බවයි.

ත්‍රස්තවාදීන් දෙදෙනෙකු නගරයේ උතුරු මායිමේ පිහිටි රාමොට් හන්දියේ බස් නැවතුම්පොළක් අසළ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සැලවූ වහාම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අදාළ ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් ද එම ස්ථානය පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?