තංගල්ලේ ඉඩමකින් රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ – අයිස් නිෂ්පාදනයට ගන්නා බවට සැකයක්

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී රසායන ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ මෙම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවටයි.

ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව අද (07) පෙරවරුවේ තංගල්ල, නටොල්පිටිය, වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක තිබී මේවා සොයාගෙන තිබෙනවා.

මෙම රසායනික ද්‍රව්‍ය තොගය ඊයේ (06) මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබිය දී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බවයි වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට පමණ පෙර මේවා මෙම ස්ථානයට කවුරුන් හෝ ගෙනවිත් දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?