ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක ලිහිලි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව අදාළ නිවේදනය මඟින් දන්වා සිටිනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000කට ආසන්න ප්‍රමාණයක් සම්පත් මනම්පේරි යන අයගේ ඉඩමක වළ දමා තිබියදී සොයාගැනීමත් සමඟයි ඔහුට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ.















මිනිස්සු පක්ෂ වලට බෙදිලා ජන්දය දුන්න කාලය ඉවරයි
දැන් ඉන්න මිනිස්සු බහුතරයක් බුද්දිමත් එ නිසා ලංකාවේ ආයෙ දුෂිත පක්ෂ සහා දේශපාලනය දිනන්නෙ නැ
දැන් ලංකාවේ දේශපාලන ගමන වෙනම level එකක තියෙන්නෙ…
ඒ කාලේ මහින්ද රාජපක්ෂ ලන්සව බදාගෙන බේරුව එක අමතකද.
කොහොමද දන්නෙ නෑ දොට්ට දැම්මෙ