එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා.

නමුත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බවයි වාර්තා වන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාර්ට්නොල් ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි.

මේ අතර නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණා.

හාර්ට්නොල් පවසන්නේ මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි.

කෙසේ වෙතත් අනතුර හඳුනාගත් අවස්ථාවේදීම නෞකාව බටහිර ඉන්දියාවේ හසීරා වරායට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

නමුත්  හසීරා වරායෙන් මෙම නෞකාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව කටාර් රාජ්‍යයේ හාමඩ් වරායට මෙම නෞකාව ඇතුළුවීමට උත්සාහ කළත් එම වරායත් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉන්පසුවයි නෞකාව එහි ඊලඟ ගමනාන්තය වන ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට පටන් ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ කරුණාකර අධ්‍යක්ෂවරයා පිළිගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ නෞකාව කලින් ඇතුළුවීමට උත්සාහ කළ ඉන්දීය හෝ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් එකක් නෞකාවට එම වරායන්ට ඇතුළුවීමට අවසර දුන්නේ නම් මේ විනාශයෙන් බේරීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි.

වෙළඳ නෞකා රක්ෂණය කරන ලන්ඩනයේ පී ඇන්ඩ් අයි ක්ලබ්(P&I CLUB) රක්ෂණ සමාගම මෑතකදී නිකුත් කළ වාර්තාවක දැක්වුණේ අද වන විට සෑම සති දෙකකට ම වරක් මෙලෙස ලොව කොතැනක හෝ වෙළඳ නෞකාවක් ගිනි ගැනීමට ලක් වන බවයි.

ඔවුන් මෙලෙස ගිනි ගැනීමට ලක් වන ප්‍රධාන කාරණා තුනක් හෙළිදරව් කර තිබෙනවා.

ඒවා නම් ගල් අඟුරු ප්‍රවාහනයේදී සිදුවිය හැකි අධික උෂ්ණත්වය නිසා සිදුවන ගිනි ගැනීම්, රසායන ද්‍රව්‍ය නිසි පරිදි ගබඩා නොකිරීම නිසා සිදුවන ගිනි ගැනීම් සහ බැටරි ප්‍රවාහනයේ දී අධික ලෙස උණුසුම් වීම හේතුවෙන් සිදුවන ගිනි ගැනීම් යනුවෙනුයි.මේ වසරේ ජනවාරි මස 28 වනදා වැඩ නිමා කළ අප්‍රේල් මස තුන් වැනිදා සිය කුලුඳුල් ගමන ඇරඹූ සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගමට අයත් එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ තෙවැනි වෙළඳ සංචාරය මෙයයි.

සසැදි පුවත – මහා ව්‍යසනයක පෙරනිමිති – නැවේ ගින්නෙන් අම්ල වැසි සහ පිළිකා අවදානමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ භාණ්ඩ එකතු කළ 8ක් අත්අඩංගුවට

ගිනිගන්නා නැවේ සුන් බුන් වෙරළට පාවී එයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01