මහා ව්‍යසනයක පෙරනිමිති – නැවේ ගින්නෙන් අම්ල වැසි සහ පිළිකා අවදානමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ගින්නේ බලපෑම හේතුවෙන් මෙරටට අම්ල වැසි වැටීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ කණ්ඩායම් පවසනවා.

ගින්න හේතුවෙන් නෞකාවේ සිට අධික දුමාරයක් අසට නැගෙමින් පවතින අතර එම දුමෙහි විවිධ විෂ වායූන් මෙන්ම විෂ සහිත අංශු පවතින බව සඳහන්.

මේවා අහසට ගමන් කිරීම හරහා අම්ල වැසි ඇද හැලීමේ අවදානමක් ඇති බවයි පැවසෙන්නේ.

වායුගෝලයට අධික ලෙස විෂ වායූන් නිදහස් වීම හරහා අහසෙහි ඇති ජල වාෂ්ප සමග අදාළ වායූන් ප්‍රතික්‍රියා කර සල්ෆියුරික්, නයිට්‍රික් වැනි අම්ල වර්ග නිර්මාණය වී අම්ල වලාකුළු හටගැනීම සිදුවනවා.

අනතුරුව මෙම වලාකුළුවල ඇති අම්ල, ජල බිඳු සමග මිශ්‍ර වී වර්ෂාව සමග පොළවට ඇදහැළීම අම්ල වර්ෂා ලෙස හැඳින්වෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම ගත් විට අම්ලවලට අමතරව දුම් රොටු සමග අහසට නැගුණු විවිධ විෂ අංශු ද අම්ල වර්ෂාව සමග ඇදහැලීමේ ඉඩ කඩ පවතිනවා.

මේ අතර මෙම වායූන් වර්ගවලට සුළඟ හරහා විශාල දුරක් ගමන් කිරීමේ හැකියාව පවතින බැවින් අම්ල වැසි අවදානම පවතින්නේ නෞකාව ස්ථානගත වී ඇති කොළඹ අවට ප්‍රදේශයට පමණක් නොවන බව වාර්තා වෙනවා.

ලොව මින් පෙර වාර්තා වූ මෙවැනි සිදුවීම්වල දී විෂ වායු නිකුත් වූ ස්ථානයට කිසිදු සබඳතාවක් නැති ඉතා ඈත ප්‍රදේශවලට අම්ල වැසි ඇද වැටී ඇති බවත් එම නිසා මෙරට ඕනෑම ප්‍රදේශයකට අම්ල වර්ෂාවක් ඇද හැළීමේ ඉඩකඩ පවතින බවත් පැවසිය හැකියි.

එම නිසා වැසි ඇදහැළෙන අවස්ථාවන් හි වර්ෂාවට තෙමීමෙන් වැළකීමත්, වර්ෂා ජලය පානය කිරීම වැනි ක්‍රියා නොකිරීමත් වැදගත්වනවා.

අම්ල වර්ෂා හේතුවෙන් ශාක සහ සත්ත්ව යන ජීවී කොටස් දෙකටම අහිතකර බලපෑම් එල්ල විය හැකියි. 

මත්ස්‍යයින් වැනි ජලජ සතුන්ට මින් මාරාන්තික ප්‍රතිඵල ඇතිවිය හැකි බව සඳහන්. 

එමෙන්ම පාංශු ජීවීන් ද මේ හරහා මරණයට පත් වීමට ඉඩ කඩ පවතින බැවින් වක්‍රාකාර ලෙස පසෙහි සරු භාවයට ද එය බලපෑම් කරනවා. 

ශාකවලට සිදුවිය හැකි බලපෑම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අම්ල වැසි මගින් බාධා එල්ල වූ අවස්ථා ලෝක ඉතිහාසයේ ද පවතිනවා.

එමෙන්ම ඇතැම් රටවල්වලට වැටී ඇති අම්ල වැසි හේතුවෙන් වනාන්තර පවා විනාශ වූ අවස්ථා තිබෙනවා. 

දරුණු ලෙස වනාන්තරවල ශාක විනාශ වුවහොත් ශාක භක්ෂක ජීවීන් ද විනාශ වී අනතුරුව මාංශ භක්ෂකයින් ද විනාශ වී යා මේ ඉඩකඩ පවතිනවා. 

ශ්‍රී ලංකාව වැනි කුඩා භූමියක් පවතින රටකට මෙවැන්නකින් සිදුවිය හැකි බලපෑම ඉතා අධික බව ද පැවසිය හැකියි. 

අම්ල වැසිවලට නිරාවරණය වන ගොඩනැගිලි ආදියට ද හානි සිදුවිය හැකි අතර විශේෂයෙන් පැරණි පිළිම සහ නටඹුන් ආදිය විනාශ වීමේ හැකියාව බොහෝ සෙයින් වැඩි වනවා.

නෞකාවෙන් නිකුත්වන දුමාරය හේතුවෙන් අම්ල වැසි අවදානමක් පමණක් නොව කෙටි කාලීන මෙන්ම දිගුකාලීන ශ්වසන රෝග හටගැනීමට ද ඉඩකඩ පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.

ඇදුම වැනි ශ්වසන අපහසුතා මෙන්ම හෘද රෝග වැනි තත්ත්වයන්ගෙන් පෙළෙප පුද්ගලයින් මෙවන් තත්ත්වයක දී අවදානමක පසුවනවා.

දුමත් සමග ඉහළට නැගෙන ඉතා කුඩා විෂ අංශු කොළඹ ප්‍රදේශයේ පමණක් නොව රට පුරාම පැතිර යා හැකි බව පැහැදිලි කරුණක්.

මේදින වල නිරිත දෙසින් දිවයිනට ඇතුළුවන සුළං ඊසාන දිගින් පිටවීම මෙම අවදානම තවත් වැඩි කරවනවා.

එලෙස කෙටිකාලීන ශ්වසන රෝග සඳහා මින් බලපෑම් ඇතිවිය හැකිවනවා මෙන්ම විෂ අංශු ශරීරගත වීම මගින් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු පවා ඇති විය හැකියි.

උදාහරණයක් ලෙස බැර ලෝහ වැනි අංශු ආශ්වාස කිරීමෙන් පිළිකා තත්ත්ව වැනි දරුණු ප්‍රතිඵල අත් වීමේ හැකියාව පවතිනවා.

මේ අනුව ගත් කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ගින්න යනු මෙරට සාගරය සහ වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට පලපෑ විනාශයක් පමණක් නොව දිවයිනේ සෑම පෙදෙසකටම අහිතකර බලපෑම් එල්ල කරවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීමට පුළුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15