ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, මේජර් ජෙනරල් Pawanpal Singh ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු වුණා.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඉන්දියානු ධූත පිරිසෙහි ප්‍රධානී අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහාද ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නිලධාරීන් කණ්ඩායම සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් (Captain M Anand) ද සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08