දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන අවරණයවන පරිදි සිදුකෙරෙන විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (01) දින තුළ සැකපිට පුද්ගලයන් 695ක් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
එහිදී අපරාධ සම්බන්ධව ඍජුව හඳුනාගෙන ඇති පුද්ගලයින් ගණන 16ක්.
දින වරෙන්තුකරුවන් 201ක් අත්අඩංගුවඩ ගෙන ඇති අතර, විවෘත වරෙන්තුකරුවන් 147ක් අත්අඩංගුවඩ ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවඩ ගත් පුද්ගලයින් අතර බීමත් රියදුරන් 46ක් සිටින බව පොලිසිය පවසනවා.
අපරික්ෂාකාරී රිය පැදවීම් 09ක් හා රථවාහන වෙනත් වැරදි 3,703ක් ද ඇතුළුව පරිරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පුද්ගලයින් ගණන 25,625ක්.
පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලිසිය අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ මෙම පරික්ෂාකිරීම් සිදු කරනු ලබනවා.





