නාවික හමුදාවෙන් ධීවරයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනේ

හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් (කිලෝ මීටර් 70 ක් ) පමණ දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්, මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නිරුපද්‍රිතව මුදා ගැනීමට පෙරේදා (30) දින නාවික හමුදාව සමත් වී තිබෙනවා.

පසුගිය 28 වැනි දින දෙවුන්දර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් තිදෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ දකුණු මුහුදට දෙසට පාවී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍රීය සෙවීමේ හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුනු දැනුම් දීමකට අනුව දකුණු මුහුදු ප්‍රදේශයේ ආවේක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ”සිඳුරළ” නෞකාව, මෙම යාත්‍රාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව ආපදාවට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ලඟා වූ ”සිඳුරළ” නෞකාව එම යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනාට අවශ්‍ය සහන සැලසීමෙන් අනතුරුව ඔවුන්ව නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?