නාවික හමුදාවෙන් ධීවරයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනේ

හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් (කිලෝ මීටර් 70 ක් ) පමණ දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්, මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නිරුපද්‍රිතව මුදා ගැනීමට පෙරේදා (30) දින නාවික හමුදාව සමත් වී තිබෙනවා.

පසුගිය 28 වැනි දින දෙවුන්දර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් තිදෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ දකුණු මුහුදට දෙසට පාවී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍රීය සෙවීමේ හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුනු දැනුම් දීමකට අනුව දකුණු මුහුදු ප්‍රදේශයේ ආවේක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ”සිඳුරළ” නෞකාව, මෙම යාත්‍රාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව ආපදාවට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ලඟා වූ ”සිඳුරළ” නෞකාව එම යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනාට අවශ්‍ය සහන සැලසීමෙන් අනතුරුව ඔවුන්ව නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56