හැටන් නගරය වෙතට පැමිණෙන පාරිභෝගිකයන්යන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත හැටන්, දික්ඔය නගරයේ ආපනශාලා මෙන්ම සිල්ලර සහ තොග වෙළඳසැල් රැසක්ම අද (01) උදෑසන හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නගරය තුළ අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන ගිය ආපනශාලා රැසකට එරෙහිම ලබන 12 වැනිදා අධිකරණයේදී නෛතික පියවර ගැනීමට කටයුතු සිදුකරන බව එම නිලධාරීන් පවසා සිටියා.
එමෙන්ම තොග සහ සිල්ලර වෙළදසැල් කිහිපයක්ද පරික්ෂාවට ලක් කළ අතර, එම වෙළඳසැල් තුළ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළඳාම් කිරීම, අපිරිසිදු ආකාරයෙන් ආහාර තොග එක්රැස් කිරිම සහ ප්‍රදර්ශණය කිරිම ඇතුළු චෝදනා රැසක් යටතේ එම වෙළෙඳුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වුණා.
පදික වේදිකාව අවහිරවන ලෙසට එළවලු අලෙවියේ නිරත වූ වෙළෙඳුන් කිහිපදෙනෙක්ට එරෙහිව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවා.





