මතුගම පොලිස් වසමේ දොලහේන වත්ත ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් මස 18වන දින තියුණු ආයුධයකින් කාන්තාවගේ ගෙල කපා ඝානතය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහය බලාපොරොත්තු වනවා.
මතුගම, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර පුද්ගලයා මේ වන එම ප්‍රදේශයෙන් පළා ගොස් සිටින බවයි වාර්තා වන්නේ.
සනත් රවින්ද්‍ර නිලංත නම් වයස අවුරුදු 41ක පුද්ගලයෙක් වන මොහුගේ ඡායාරුපයක්ද පොලිසිය විසින් මාධ්‍ය වෙත මේවන විට කර මුදාහැර තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591700 සහ 071 8591701 යන දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
6
+1
+1
+1
2
+1
+1
3















