ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එක් වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට සහ මෙරට පොලිස් නිලධාරීන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.
ඒ, ඊයේ (30) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන්.
එලෙස පිළිගත් එම පොලිස් නිලධාරීන් විශේෂ ඇගයීමකට ද මෙහිදී ලක්කෙරුනා.
පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා ඊයේ (30) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන ආවා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
4
+1
3
+1
1
+1
+1




