බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියක් ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයට

1946-47 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි කැප් තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් මිල දී ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය මෙම සුවිශේෂී කැප් තොප්පිය මිලදී ගෙන ඇත්තේ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ඥාතීන් සන්තකයේ තිබියදීයි.

මේ සඳහා වැය වූ වියදමෙන් අඩක් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් දරා තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ පළමු අවස්ථාව වූ 1946-47 තරඟාවලියේදී ඕස්ට්‍රේලියාව මෙහෙයවන විට බ්‍රැඩ්මන් මෙම තොප්පිය පැළඳ සිටියා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරයේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ තවත් කැප් තොප්පියක් ප්‍රදර්ශනයට තබා ඇති අතර, ඔහුගේ සුවිශේෂී වූ තවත් කැප් තොප්පි නවයක් ඔහුගේ ඥාතීන් සන්තකයේ පවතින බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් මිල දී ගත් මෙම කැප් තොප්පිය එම කෞතුකාගාරයේ මෑතකදී විවෘත කරන ලද ලෑන්ඩ්මාර්ක්ස් ගැලරියේ බ්‍රැඩ්මන් අනෙකුත් සිහිවටන සමඟ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?