බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියක් ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයට

1946-47 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි කැප් තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් මිල දී ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය මෙම සුවිශේෂී කැප් තොප්පිය මිලදී ගෙන ඇත්තේ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ඥාතීන් සන්තකයේ තිබියදීයි.

මේ සඳහා වැය වූ වියදමෙන් අඩක් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් දරා තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ පළමු අවස්ථාව වූ 1946-47 තරඟාවලියේදී ඕස්ට්‍රේලියාව මෙහෙයවන විට බ්‍රැඩ්මන් මෙම තොප්පිය පැළඳ සිටියා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරයේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ තවත් කැප් තොප්පියක් ප්‍රදර්ශනයට තබා ඇති අතර, ඔහුගේ සුවිශේෂී වූ තවත් කැප් තොප්පි නවයක් ඔහුගේ ඥාතීන් සන්තකයේ පවතින බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් මිල දී ගත් මෙම කැප් තොප්පිය එම කෞතුකාගාරයේ මෑතකදී විවෘත කරන ලද ලෑන්ඩ්මාර්ක්ස් ගැලරියේ බ්‍රැඩ්මන් අනෙකුත් සිහිවටන සමඟ තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48