ජපානයට ගිය මෝදි මේ ශතවර්ෂය වෙනස් කරන හැටි කියයි

සිය දෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ අගනුවර වෙත ළඟා වුණා.

“ඉන්දියා-ජපාන හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දීය අගමැතිවරයා සවස් වරුවේ ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සමඟ පුළුල් සාකච්ඡා පවත්වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය X හි සටහනක් තබමින් සඳහන් කළා.

ජපානයේ දී ඉන්දීය අගමැතිවරයා පළමුවෙන්ම එක්වූයේ ඉන්දියා – ජපාන ආර්ථික සංසදය ඇමතීමටයි.

ඉතා ඉක්මනින් ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වන බව අගමැති මෝදි ටෝකියෝවේ පැවති ඉන්දියා-ජපාන ආර්ථික සංසදයේදී පැවසුවා.

“අද ඉන්දියාවට දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව තිබෙනවා,” මෝදි සඳහන් කළා.
අගමැති මෝදි මෙහිදී පැවසුවේ ඉන්දියාව සහ ජපානය එක්ව ආසියානු සියවසේ ස්ථාවරත්වය, වර්ධනය සහ සමෘද්ධිය හැඩගස්වනු ඇති බවයි.

“ජපානයේ තාක්‍ෂණය සහ ඉන්දියාවේ කුසලතා එක්ව මෙම සියවසේ තාක්‍ෂණික විප්ලවයට නායකත්වය දිය හැකිය.

ඉන්දියාව පිරිසිදු බලශක්තිය කරා වේගයෙන් ගමන් කරමින් සිටින අතර, 2047 වන විට අපි ගිගාවොට් 100 ක න්‍යෂ්ටික බලශක්තියක් ලබා ගැනීමේ ඉලක්කයක් තබා ඇත්තෙමු.

ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ණය යාන්ත්‍රණයක් සඳහා එකඟ වී ඇති අතර, එය උපයෝගී කර ගැනීමෙන් අපට පිරිසිදු හා හරිත අනාගතයක් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකිය.”

අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?