ජපානයට ගිය මෝදි මේ ශතවර්ෂය වෙනස් කරන හැටි කියයි

සිය දෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ අගනුවර වෙත ළඟා වුණා.

“ඉන්දියා-ජපාන හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දීය අගමැතිවරයා සවස් වරුවේ ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සමඟ පුළුල් සාකච්ඡා පවත්වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය X හි සටහනක් තබමින් සඳහන් කළා.

ජපානයේ දී ඉන්දීය අගමැතිවරයා පළමුවෙන්ම එක්වූයේ ඉන්දියා – ජපාන ආර්ථික සංසදය ඇමතීමටයි.

ඉතා ඉක්මනින් ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වන බව අගමැති මෝදි ටෝකියෝවේ පැවති ඉන්දියා-ජපාන ආර්ථික සංසදයේදී පැවසුවා.

“අද ඉන්දියාවට දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව තිබෙනවා,” මෝදි සඳහන් කළා.
අගමැති මෝදි මෙහිදී පැවසුවේ ඉන්දියාව සහ ජපානය එක්ව ආසියානු සියවසේ ස්ථාවරත්වය, වර්ධනය සහ සමෘද්ධිය හැඩගස්වනු ඇති බවයි.

“ජපානයේ තාක්‍ෂණය සහ ඉන්දියාවේ කුසලතා එක්ව මෙම සියවසේ තාක්‍ෂණික විප්ලවයට නායකත්වය දිය හැකිය.

ඉන්දියාව පිරිසිදු බලශක්තිය කරා වේගයෙන් ගමන් කරමින් සිටින අතර, 2047 වන විට අපි ගිගාවොට් 100 ක න්‍යෂ්ටික බලශක්තියක් ලබා ගැනීමේ ඉලක්කයක් තබා ඇත්තෙමු.

ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ණය යාන්ත්‍රණයක් සඳහා එකඟ වී ඇති අතර, එය උපයෝගී කර ගැනීමෙන් අපට පිරිසිදු හා හරිත අනාගතයක් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකිය.”

අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56