සැඟව සිටි රාජිත අධිකරණයට පැමිණේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (29) මහාධිකරණය වෙතට පැමිණියා.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් 2013 වසරේදී එල්ල වූ චෝදනාවට අල්ලස් කොමිසම විසින් සිදු කළ විමර්ශනයකට අදාළව අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට ඉකුත් 20වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබුණා.

අල්ලස් කොමිසමේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්‍රකාශනයක්’ නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබුවා.

මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දා රාජිත සේනාරත්න අත්අඩංගුවට නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කරන ලෙස ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට ඊයේ (29) කොළඹ මහාධිකරණයට තීන්දු කළා.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ අතර සැප්තැම්බර් මස 10 වැනිදා එම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරිය නියෝගයක් ලබාදී තිබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?