සැඟව සිටි රාජිත අධිකරණයට පැමිණේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (29) මහාධිකරණය වෙතට පැමිණියා.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් 2013 වසරේදී එල්ල වූ චෝදනාවට අල්ලස් කොමිසම විසින් සිදු කළ විමර්ශනයකට අදාළව අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට ඉකුත් 20වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබුණා.

අල්ලස් කොමිසමේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්‍රකාශනයක්’ නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබුවා.

මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දා රාජිත සේනාරත්න අත්අඩංගුවට නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කරන ලෙස ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට ඊයේ (29) කොළඹ මහාධිකරණයට තීන්දු කළා.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ අතර සැප්තැම්බර් මස 10 වැනිදා එම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරිය නියෝගයක් ලබාදී තිබුනේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15