හිටපු ජේලර්ට වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අල්ලයි

පසුගිය 21 වැනිදා බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව ගැනීමට ඊයේ (28) දින කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

වයස අවරුදු 18 සහ 21 වයස්වල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔවුන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරුපැදියක්, ව්‍යාජ අංක තහඩු යුගලයක්, ව්‍යාජ ගමන් බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?