පළාත් කිහිපයකටම වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අතරින් සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි ලීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති වන බව එම නිවේදනයේ සඳහන්.

ඊට අමතරව වයඹ පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් අද (28) දිනය තුළ ඇතිවන බවයි පැවසෙන්නේ.

එමෙන්ම පැයට කිලෝ මීටර 30ත් 40ත් අතර වේගයකින් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තරමක් තද සුළං ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?