රිය අනතුරු වළක්වා ගැනීම පිළිබද දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (27) පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර්ගේ මුලිකත්වයෙන් පැවැත්වුණා.
මාරක රිය අනතුරු 1,682ක් මෙම වසර තුළ මේ දක්වා පමණක් වාර්තා වී ඇති බව ඔහු එහිදී සඳහන් කර සිටියා.
එලෙස සිදු වූ අනතුරුවලින් මියගොස් ඇති පුද්ගලයින් ගණන 1,778ක්.
එමෙන්ම ජනවාරි පළමුවැනිදා සිට අද දිනය දක්වා බරපතල ගණයේ අනතුරු 3,428ක් සහ සුළු අනතුරු 6,241ක් ද වාර්තා වී තිබෙනවා.
අධික වේගය ,අන්තරාදායක ලෙස රිය පැදවීම, බීමත්කම සහ රිය පැදවීම අතරතුර ඇතිවන විඩාව මෙම අනතුරු සඳහා ප්‍රධාන හේතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ රිය අනතුරු සඳහා බහුලවම මනුෂ්‍ය වැරදි බලපාන අතර සමස්ත අනතුරුවලින් සියයට විස්සක් පමණ යාන්ත්‍රික දෝෂ ති වන බවයි.
ශ්‍රී ලංකා පොලිසිය මඟින් හඳුන්වා දී ඇති “ඊ-ට්‍රැෆික්” මෘදුකාංගය හරහා මහ මග අවිනීත රියදුරන් පිළිබද පොලිස් මූලස්ථානයට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.
මේ වනවිටත් මෙම මෘදුකාංගය හරහා 13,000ක් පමණ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.





