රිය අනතුරු වැඩිවීම සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක්

රිය අනතුරු වළක්වා ගැනීම පිළිබද දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (27) පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර්ගේ මුලිකත්වයෙන් පැවැත්වුණා.

මාරක රිය අනතුරු 1,682ක් මෙම වසර තුළ මේ දක්වා පමණක් වාර්තා වී ඇති බව ඔහු එහිදී සඳහන් කර සිටියා.

එලෙස සිදු වූ අනතුරුවලින් මියගොස් ඇති පුද්ගලයින් ගණන 1,778ක්.

එමෙන්ම ජනවාරි පළමුවැනිදා සිට අද දිනය දක්වා බරපතල ගණයේ අනතුරු 3,428ක් සහ සුළු අනතුරු 6,241ක් ද වාර්තා වී තිබෙනවා.

අධික වේගය ,අන්තරාදායක ලෙස රිය පැදවීම, බීමත්කම සහ රිය පැදවීම අතරතුර ඇතිවන විඩාව මෙම අනතුරු සඳහා ප්‍රධාන හේතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ රිය අනතුරු සඳහා බහුලවම මනුෂ්‍ය වැරදි බලපාන අතර සමස්ත අනතුරුවලින් සියයට විස්සක් පමණ යාන්ත්‍රික දෝෂ ති වන බවයි.

ශ්‍රී ලංකා පොලිසිය මඟින් හඳුන්වා දී ඇති “ඊ-ට්‍රැෆික්” මෘදුකාංගය හරහා මහ මග අවිනීත රියදුරන් පිළිබද පොලිස් මූලස්ථානයට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

මේ වනවිටත් මෙම මෘදුකාංගය හරහා 13,000ක් පමණ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

  1. No need of any software’s for catching unlawful drivers if police is alert just come and see 176 and 138 buses are driven at high speeds with great risk for all road uses..the police always give a closed eye for these bus drivers



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24