පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට සැකපිට නාවික හමුදා සෙබලෙක් අත්අඩංගුවට

මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පෙරේදා (25) උදෑසන කාලයේ පුද්ගලයෙක් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා.

පැමිණිල්ල පිළිබද සිදුකළ විමර්ෂණයේදී හෙළි වී තිබෙන්නේ 59 හැවිරිදී දේවහුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස පහර දීමෙන් අනතුරුව පැහැර ගැනීමට ලක් වී ඇති අතර පහර කෑමෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 26 ක නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා අතර කාලාන්තරයක් තිස්සේ පැවති ආරවුලක් නිසා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මකුළුගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?