පාසල් වෑන් රියේ අනතුරින් ළමුන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

කුලියාපිටිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ ටිපර් රථයක ගැටී බිහිසුණු රිය අනතුරක් අද (27) උදෑසන සිදු වී තිබෙනවා.

විල්පල පාලම අසළ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පාසල් ළමුන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එමෙන්ම තුවාල ලැබූ තවත් පාසල් දරුවන් 13 දෙනෙක් ද මේ වනවිට කුලියාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඔවුන්ව කුරුණෑගල රෝහලට මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
17
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?