වේරහැරට නොගිහින් රියදුරු බලපත්‍රය අලුත් කිරීමට අවස්ථාවක්

රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මේ වනවිට මුද්‍රණ පිටපතක් ආකාරයෙන් වෛද්‍ය සහතිකය නිකුත් කරනු ලබනවා.

එලෙස මුද්‍රිත පිටපතක් ගෙන ඒමේ ක්‍රමවේදය විනිවිදභාවයෙන් තොරවන බවත්, අක්‍රමිකතා සිදුවන බවටත් අනාවරණය වී ඇති බැවින් එම අක්‍රමිකතා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (25) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු,

“රියදුරු බලපත්‍රයක් කල් ඉකුත් වූ විට එය අලුත් කරගැනීමටත් වේරහැරට එන්න වෙලා තියෙනවා. එය ජනතාවට විශාල අපහසුතාවක්. වේරහැරට පැමිණීම අනිවාර්ය වෙලා තියෙන්නේ ඇඟිලි සලකුණු ලබාදීමට අවශ්‍ය නිසා පමණයි. තවත් මාසයක් වැනි කාලයක් තුළ මෙම ක්‍රමවේදයත් වෙනස් කරලා, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිමට වේරහැරට එන්නෙ නැතිව, පහසුවෙන් කරගත හැකි ක්‍රමවේදයක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කරලයි තිබෙන්නේ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
243
+1
5
+1
97
+1
7
+1
4
+1
12
+1
12
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?