වේරහැරට නොගිහින් රියදුරු බලපත්‍රය අලුත් කිරීමට අවස්ථාවක්

රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මේ වනවිට මුද්‍රණ පිටපතක් ආකාරයෙන් වෛද්‍ය සහතිකය නිකුත් කරනු ලබනවා.

එලෙස මුද්‍රිත පිටපතක් ගෙන ඒමේ ක්‍රමවේදය විනිවිදභාවයෙන් තොරවන බවත්, අක්‍රමිකතා සිදුවන බවටත් අනාවරණය වී ඇති බැවින් එම අක්‍රමිකතා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (25) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු,

“රියදුරු බලපත්‍රයක් කල් ඉකුත් වූ විට එය අලුත් කරගැනීමටත් වේරහැරට එන්න වෙලා තියෙනවා. එය ජනතාවට විශාල අපහසුතාවක්. වේරහැරට පැමිණීම අනිවාර්ය වෙලා තියෙන්නේ ඇඟිලි සලකුණු ලබාදීමට අවශ්‍ය නිසා පමණයි. තවත් මාසයක් වැනි කාලයක් තුළ මෙම ක්‍රමවේදයත් වෙනස් කරලා, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිමට වේරහැරට එන්නෙ නැතිව, පහසුවෙන් කරගත හැකි ක්‍රමවේදයක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කරලයි තිබෙන්නේ”

  1. මෙතරම් කාලයක් නොඉක්මවා විය යුත්තක්.
    කෙසේ වෙතත් ස්තුතියි මිනිසුන්ගෙ අසීරුකම් ගැන අවධානය යොමු වීම ගැන

  2. මෙය තවදුරටත් කල් නොයික්මවා ඉතා ඉක්මනින් කලයුතු අත්‍යවශ්‍ය කටයුත්තක්. රටක දියුනුවට කාර්යක්ෂමතාව අත්‍යවශ්‍යය මොහොතක මේ සම්බන්ධව කටයුතු කිරීම අනර්ගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23