ශ්‍රී ලංකා පොලිසිය විසින් අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙයුම් මඟින් ඊයේ (24) දිනය තුළ අපරාධවලට ඍජුව සම්බන්ධ සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි අඛන්ඩව සිදුකරනු ලබන මෙම මෙහෙයුම් මඟින් දිවයින පුරාවට පුද්ගලයන් 26,688 ඊයේ දිනය තුළ පරික්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් සැකකරුවන් 676ක් අත්අඩංගුවට පත් වූ බව පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම අධිකරණයට අවශ්‍යව සිටින වරෙන්තුකරුවන් 204 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
+1
+1





