සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන බ්ලූ මැන්ඩල් රවී සමඟ සමීප සබඳතා ඇති බව කියන පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාශ අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ට ලද තොරතුරක් මත ගම්පහ, ඔරුතොට මාර්ගයේ කළු පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 520 ක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය අගෝස්තු මස 22 වන දින කොටහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට මෙම සැකකරු විසින් යතුරුපැදි සපයා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
වේයන්ගොඩ, එලුවාපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු රෝයි යන අනුවර්තන නාමයෙන් හඳුන්වන සූපවේදීයෙක් බවයි වර්තා වන්නේ.
මිට අමතරව සැකකරු සන්තකයේ තිබූ තවත් යතුරුපැදි තුනක්, යතුරුපැදිවල ඉදිරිපස හා පසුපස අංක තහඩු හයක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර 03ක් සහ රක්ෂණ සහතික 03 පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අද (25) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.














