මාසෙකට කලින් හිස් කළ වැවේ ප්‍රතිසංස්කරණය තවත් කල් යයි

අනුරාධපුර, නොච්චිකුලම් වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් එම වැවේ වතුර ඉවත්කොට මාසයකට අධික කාලයක් ගත වුවත් මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුනොවීම හේතුවෙන් තමන් දැඩිලෙස පීඩාවන්ට පත්ව ඇතැයි ප්‍රදේශවාසී ජනතාව පවසනවා.

මේ වසරේ වර්ෂාව ආරම්භ වීමට තවත් සුලු කාලයක් ඉතිරිව ඇති අතර, වර්ෂාව ආරම්භ වීමට පෙර වැව පිලිසකර කිරීමට නොහැකි වීමේ දැඩි අවධානමක් පවතින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළා.

එසේ වුවහොත් ගොවීන්ට මහ කන්නයේ ගොවිතැන් කිරීමට ද නොහැකි වීමේ අවධානමක් පවතින බවට නොච්චිකුලම් ගොවිසංවිධානය පෙන්වා දෙනවා.

නොච්චිකුලම් වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ලංසු තිබීමේ දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම වැව ප්‍රතිසංස්කරණයට ප්‍රමාදවන බවයි වාර්තා වන්නේ.

වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලංසු තැබූ කොන්ත්‍රාත් ආයතනයක් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම මත වැව ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාද වී ඇතැයි පළාත් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් අප කළ විමසීමකදී සඳහන් කළා.

අදාළ අභියාචනය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට කම්ටුවක් පත්කොට ඇතත් කමිටුවේ වාර්ථාව ලැබීමට ප්‍රමාද වීම මෙන්ම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොන්ත්‍රාත් ආයතනයක් තෝරා නොගැනීම හේතුවෙන් නොච්චිකුලම් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11