කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් මහ මගදී සොයාගනී

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගණේමුල්ල පොලීසිය ඊයේ (23) සමත් වී තිබෙනවා.

ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ මාර්ග පරීක්ෂාවක් අතරතුර සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙක් පැමිණි යතුරු පැදියක් පරික්ෂා කර ඇති අතර එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත බවට සැලකෙන රුපියල් 52,000 ක මුදලක්ද ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති බවද වාර්තා වනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?