සති 02ක් ඇතුළත සාම ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් රුසියාවට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඇලස්කා හමුවෙන් සතියකට පසුවත් සාම ගිවිසුමක් සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තීරණයක් නොමැතිවීම හේතුවෙන් ට්රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සාම ගිවිසුම පිළිබඳව ප්රගතියක් අත්ව නොතිබීම පිළිබඳව තමා දැඩි කණගාටුවට පත්ව ඇති බවද ට්රම්ප් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
මේ අතර යුක්රේන – රුසියානු සාම සාකච්ඡා සඳහා රුසියාව උනන්දුවක් නොදක්වන්නේ නම් රුසියාවට නව සම්බාධක පනවන ලෙස යුක්රේන ජනපති වොලොදිමියර් සෙලෙන්ස්කි සිය මිත්ර රටවලින් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.
එමෙන්ම සිකුරාදා යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව, තමා සහ පුටින් අතර රැස්වීමක් වැළැක්වීම සඳහා හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවයි.















