Update – සූරියවැව වෙඩි තැබීමක් – STF වෙඩි පහරින් සැකකරු මරුට

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි හුවමරුවෙන් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ සැකකරුවෙක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත්තේ අද (22) අලුයම් කාලයේ යි.

එහිදී සැකකරු විසින් නිලධාරීන් දෙසට වෙඩිතබා අත් බෝම්බ ප්‍රහාරයක් එක්ක කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු වෙඩි වැදීමක ලක්ව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරු පසුගියදා කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලිසිය සැක පළකරනවා.

Update – Friday, August 22, 2025, 8.06 AM

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරුවෙක් මියගොස් තිබෙනවා.

අද (22) අලුයම් කාලයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?