Update – සූරියවැව වෙඩි තැබීමක් – STF වෙඩි පහරින් සැකකරු මරුට

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි හුවමරුවෙන් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ සැකකරුවෙක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත්තේ අද (22) අලුයම් කාලයේ යි.

එහිදී සැකකරු විසින් නිලධාරීන් දෙසට වෙඩිතබා අත් බෝම්බ ප්‍රහාරයක් එක්ක කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු වෙඩි වැදීමක ලක්ව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරු පසුගියදා කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලිසිය සැක පළකරනවා.

Update – Friday, August 22, 2025, 8.06 AM

සූරියවැව, වැවේගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරුවෙක් මියගොස් තිබෙනවා.

අද (22) අලුයම් කාලයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29