මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ දී තරුණයෙක් මියයාමේ සිද්ධියට සාධාරණයක් ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (18) දිනයේ උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් මූලිකත්වය ගෙන ආරම්භ කළ මෙම හර්තාල ව්‍යාපාරය උතුරු පළාත තුළ අසර්ථක බවයි උතුරු පළාතේ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
යාපනය, වව්නියාව ඇතුළු උතුරු පළාතේ පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු අනෙකුත් ආයතන සහ ව්‍යාපාරික ස්ථානවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බවයි.
මේ අතර නැගෙනහිර පළාතේ අම්පාර නගරයේ සාමාන්‍ය පරිදි වෙළෙඳසැල් සහ අනෙකුත් ආයතන විවෘත කර, ජන ජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බවයි ‘දසත නිව්ස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.





