උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම්කර තිබෙනවා.
පසුගියදා මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් පුද්ගලයෙක් මරණයට පත්වීමට විරෝධය පළකරමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇත්තේ.
මෙම හර්තාල් ව්‍යාපාරයට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සිය සහාය පළ කරන බවයි පසුගියදා සදහන් කළේ.
මේ අතර මෙම සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරණ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී සඳහන් කළා.
ඒ අනුව උතුරේ දේශපාලන කණ්ඩායම්වල බොරු ප්‍රචාරවලට නොරැවටී සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් එහිදී ඉල්ලා සිටියේ.





