උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම්කර තිබෙනවා.

පසුගියදා මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් පුද්ගලයෙක් මරණයට පත්වීමට විරෝධය පළකරමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇත්තේ.

මෙම හර්තාල් ව්‍යාපාරයට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සිය සහාය පළ කරන බවයි පසුගියදා සදහන් කළේ.

මේ අතර මෙම සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරණ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

ඒ අනුව උතුරේ දේශපාලන කණ්ඩායම්වල බොරු ප්‍රචාරවලට නොරැවටී සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් එහිදී ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10