හලාවත – කරවිට වැවේ තෙප්පමක් පෙරළීමෙන් ජලයේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන් වීමේ සිද්ධියක් ඊයේ (18) වාර්තා වුණා.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ හලාවත – මුංගන්දළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සුරංග පෙරේරා නැමති අයෙක් බවයි හලාවත පොලිසිය සඳහන් කළේ.
ඊයේ සවස් කාලයේ මෙම පුද්ගලයා සහ තවත් පිරිසක් කරවිට වැව ආසන්නයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර සාදය සඳහා වැවේ මසුන් ඇල්ලීමට දැලක් අතුරා තිබෙනවා.
දැලට හසු වූ මසුන් රැගෙන ඒමට තෙප්පමක් මඟින් ගිය අවස්ථාවේ එය පෙරළීයාම නිසා මෙම අනතුර සිදු වූ බවයි වාර්තා වුණේ.
පසුව මිතුරන් විසින් ධීවර පිරිසකගේ සහාය ඇතිව පුද්ගලයා සොයා ඇතත් එම උත්සාහය අසාර්ථක වී තිබෙනවා.
මෙම පුද්ගලයා මෙතෙක් සොයාගෙන නොමැති අතර හලාවත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා.




