මත්පැන් සාදයේ බයිට් එකට මාළු අල්ලන්න ගිය මිතුරා වැව මැද අතුරුදහන්

හලාවත – කරවිට වැවේ තෙප්පමක් පෙරළීමෙන් ජලයේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන් වීමේ සිද්ධියක් ඊයේ (18) වාර්තා වුණා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ හලාවත – මුංගන්දළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සුරංග පෙරේරා නැමති අයෙක් බවයි හලාවත පොලිසිය සඳහන් කළේ.

ඊයේ සවස් කාලයේ මෙම පුද්ගලයා සහ තවත් පිරිසක් කරවිට වැව ආසන්නයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර සාදය සඳහා වැවේ මසුන් ඇල්ලීමට දැලක් අතුරා තිබෙනවා.

දැලට හසු වූ මසුන් රැගෙන ඒමට තෙප්පමක් මඟින් ගිය අවස්ථාවේ එය පෙරළීයාම නිසා මෙම අනතුර සිදු වූ බවයි වාර්තා වුණේ.

පසුව මිතුරන් විසින් ධීවර පිරිසකගේ සහාය ඇතිව පුද්ගලයා සොයා ඇතත් එම උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

මෙම පුද්ගලයා මෙතෙක් සොයාගෙන නොමැති අතර හලාවත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46