බලශක්ති අමාත්‍යවරයා සහ ඕමාන තානාපති අතර හමුවක්

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත් වුණා.

මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබදතා තර කරගැනීම පිළිබදව අවධානය යොමුකරමින් කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන්වල එක්ව කටයුතු කරමින් ඒවා සදාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කෙරුණා.

මෙහිදි කරුණු දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, සමීප මිත්‍ර රටක් ලෙස ඕමානය සමඟ සම්බන්ධතා ඉතා ඉහළින් අගය කරන බවත් මෙරට තුළ ඇති විවිධ ආයෝජන අවස්ථා සැළකිල්ලට ගෙන විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා එක්වන ලෙස ඕමාන රජයට සහ පුද්ගලික අංශයේ ආයෝජකයින්ට ආරාධනා කරන බවත් පැවසුවා.

ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති යහපත් වාතාවරණය පිළිබදව තමන් දැනුවත් බවත් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබදව අවධානය යොමුකරමින් තම රජයට හා පෞද්ගලික අංශයට ඒ පිළිබදව දැනුවත් කිරීම් කිරීමට පියවර ගන්නා බවත් දෙරට අතර සබදතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඕමානයේ ද අපේක්ෂාව වන බවත් මෙහිදී අදහස් දැක්වූ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් ද පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22