ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය අද (14) නිකුත් කළා.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ලබන 19 දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?