ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය අද (14) නිකුත් කළා.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ලබන 19 දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52