ගමට තිබූ ලංගම බසයේ එන්ජිමට යූරියා දාලා (ඡායාරුප)

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ බස් රථයක එන්ජිමට කිසියම් අයෙකු විසින් යූරියා පොහොර දමා තිබෙනවා.

එක ක්‍රියාව සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධවනය වන අදාළ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී පෙරේදා (12) රාත්‍රියේ කිසියම් අයෙක් විසින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ටි පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.

රාත්‍රි කාලයේ බස් රථය ගාල්කර උදෑසන බස් රථය ධවනය කිරීමට ප්‍රථම එන්ජිමේ තෙල් පරීක්ෂා කිරිම සදහා එන්ජිමේ ආවරණය විවෘත කර බැලීමේදි බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා තිබූ බවත්, ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යක් එන්ජිම වටා වැටී තිබූ බවත් රියදුරා සහ කොන්දොස්තරවරයා සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය ඩිපෝවේ කළමණාකරවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුළට යූරියා පොහොර දමා ඇති බවත්, ඒ අනුව බස් රථය ඩිපෝවට ඇදගෙනවිත් එන්ජිම ගලවා පරීක්ෂා කිරිමට පියවර ගනිමින් සිටින බවයි.

01 7
01 3
01 6
01 1
01 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
41
+1
3
+1
1
+1
12
+1
5
+1
4
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?