ගමට තිබූ ලංගම බසයේ එන්ජිමට යූරියා දාලා (ඡායාරුප)

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ බස් රථයක එන්ජිමට කිසියම් අයෙකු විසින් යූරියා පොහොර දමා තිබෙනවා.

එක ක්‍රියාව සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධවනය වන අදාළ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී පෙරේදා (12) රාත්‍රියේ කිසියම් අයෙක් විසින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ටි පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.

රාත්‍රි කාලයේ බස් රථය ගාල්කර උදෑසන බස් රථය ධවනය කිරීමට ප්‍රථම එන්ජිමේ තෙල් පරීක්ෂා කිරිම සදහා එන්ජිමේ ආවරණය විවෘත කර බැලීමේදි බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා තිබූ බවත්, ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යක් එන්ජිම වටා වැටී තිබූ බවත් රියදුරා සහ කොන්දොස්තරවරයා සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය ඩිපෝවේ කළමණාකරවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුළට යූරියා පොහොර දමා ඇති බවත්, ඒ අනුව බස් රථය ඩිපෝවට ඇදගෙනවිත් එන්ජිම ගලවා පරීක්ෂා කිරිමට පියවර ගනිමින් සිටින බවයි.

01 7
01 3
01 6
01 1
01 4
  1. මේ වගේ ජඩ සක්කිලින්ට විරුද්ධව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මකකර දැඬි දඬුවම් දෙන්න !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26